a

Saturday, March 10, 2012

ජපානයේ විදේශිකයින් සඳහා අළුත් නිතී ගෙන එයි! 3වන කොටස



පොඩ්ඩක් විතර පරක්කු වුනද මන්ද කලින් ලියන්නපටන් ගත්ත ජපානයේ අළුත් නිතී ගැන ලිපි පෙළේ තුන් වැන්න මෙක(මුල් එක ලියලා මාසයක් විතර වෙනවා කියලා දැනුනෙවත් නැහැ! අනේමන්ද මේ දවස් වල පෘථුවිය ඉර වටේ යන්නේ ඉස්සරහට වැඩිය වැඩි වේගකින්ද කොහෙද!මේ බලද්දීගෙඩි පිටින්ම මාසයක් ඉවරයි)

ඔන්න කොකටත් කියලා මුල් දක කියවපු නැති අය  මේ දෙක කියවන්න


කලින් කොටසින් නේවසික හැඳුනුම් පත ගැන කථා කලනේ.අදබලමු ඊ ළඟට සිදුවන වැදගත්ම වෙනස්කම ගැන
"නේවාසික කාල සීමාවඋපරිමය 5 වසරක් සඳහා දිර්ඝ කරනුලබයි"

දැන බලමු ප්රධාන නේවසික වීසා කීපයක් සඳහා නිකුත්කරන ලබන නව වීසා වලංගු කාල සීමාවන්(රතු පැහැයෙන් දක්වා තිබෙන්නේ අළුත්තෙන් ඇතුළුවනකාල සීමාවන්ය)
ーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーー
වෘතීය වශයෙන් නේවසික සිටින එනම් විසා බලපත්රය" ඉංජිනේරු(Engineer)" " මානව ශෘස්ත්රවිශේෂඥ)Specialist in Humanities)"/"ජාත්යන්තර සේවා(International Services)" ආදිය සඳහා(කලාකටයුතු වල නිරත වීම සඳහා (Entertainer) සහ වෘතීය පුහුණුවසඳහා පැමිණ සිටින්නන්(Technical Intern Training) මේම කැටලොගයට ඇතුළුනොවනබව සලකන්න)
  අවුරුදු 5,අවුරුදු 3 ,1 වසරක් ,මාස 3 අදි ලෙස නව වීසාවන්නිකුත් කරනු ලැබේ.
ーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーー
ශිෂ්යයින් සඳහා
වසර 4යි මාස 3යි, වසර 4යි, වසර 3යි මාස 3යි, වසර 3යි, වසර 2කයි මාස 3යි, වසර 2යි,1 වසරයි මස 3යි, 1 වසරයි, මාස 6 යි, මාස 3යි.
ーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーー
ජපන් ජතිකයෙකුගේ විවහක සහකරු/කරිය  හෝ එම දරුවෙකු සහ නිත්ය පදිංචි කරුවෙකුගේ(Permanent Resident)විවහක සහකරු/කරිය  හෝ එම දරුවෙකු සඳහා
වසර් 5, වසර 3යි, 1 වසරයි, මාස 6යි
ーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーーー
ඔය අළුතෙන් ඇවිත් තෙයන මස 3ක ගැනනම් ආගමන බියුරොව කියන්නේ ඉහල අදාළ කටයුතුසඳහා මාස 3ක් වාගේ කෙටි කාලසීමවන්සඳහා නේවසිකව සිටින්න බලාපොරොතු වන අය සඳහා නිර්මණය කලා කියලා, මස 3 අවස්ථාවන් වලදීනේවාසික කඩ් පත නිකුත් කරනු නොලැබේ.

අළුත් නීති වල ඊළඟට වැදගත් පොයින්ට් එක විදියටආගමන බියුරොව දක්වන්නේ ජපානය තුල නේවසිකව සිටින විදේශිකයින් කෙටි කාලිනව ජපනයෙන් බැහරවනැවත ඇතුළුවීම සඳහා අළුත් ක්රමවේදයක් හඳුන්වා දෙන බව.මේචර කල් ආගමන බියුරොවට ගිහින්නැවැත ඇතුළුවිමේ බලපතරයක් ලබා ගත යුතුව තිබුනත් අළුත් නිතී වලින්

වලංගු ගමන් බලපත්රයක් සහ නේවාසික හැඳුනුම් පතක්දරන විදේශිකයෙකුට ජපානයෙන් පිට වීමේ සිට වසරක් ඇතුළු කාල සීමාව තුළ නැවැත ජපානයට පැමිණඅදාල විසා බලපත්රයේ  ක්රියාකරකම් වල නිරතවීම සඳහා  මුලික වශයේන් නැවත ඇතුළු වීමේ බලපත්රයක්අවශ්ය නොවේ.

හැබැයි ඔය අවුරුදකම ඉන්න පුළුවන් වීසා පිටත වන දිනයේ ඉඳන් අවුරුදකට වැඩිය තියේනවානම්විතරයි.නේවසික විසා බලපත්රය අවුරුද්කට කලින් ඉවර වෙනවානම් ඔබ වීසා බලපත්රය අවසන්වීමට පෙර නැවත ජපානයට ඇතුළු විය යුතු බව අමතක කරන්න එපා!!
 ඊ ළඟට ඔබ අනිවාර්යෙන්මඔබගේ නේවසික හඳුනුම් පත පිටත් විමේදි ඉදිරිපත් කිරිමට සැලකියමත් විය යුතුයි.

සරණාගත තත්වය මත ලබා ගත් වීසා, ඒවගේම වීසා බලපත්රය අවලංගු විමක අවදනම තියෙනඅය ,සිර භරයකට ලක් විමේ නියෙගඇති අය සහ අධිඅකරණ අමත්යංශය මඟින්  පොදු යහපතටහානිකර අය ලෙස හඳුනා ගත් අය අදින් සඳහා මෙම නව නැවැත ඇතුළුවිමේක්රමවෙදය වලංගු නෙවේ.


මුලාශ්ර



පින්තුරය

3 comments:

  1. japan kallak marry karoth PR ganna barida?

    ReplyDelete
    Replies
    1. ජපන් කෙල්ලෙක් ව බැද ගත්ත කියන සාධකය මතම PR ලැබෙන්නේ නැහැ.
      නමුත් ආගමන නීතියට අනුව නම් ජපන් ජතිකයෙකු සමග
      විවහකව විසා බලපත්‍රය විවාහක සහකරු තත්වය වසර 3ක්
      සම්පුර්ණ කර එම කාලය පුරා ජපානය තුළ ජිවත්ව සිට
      ඇත්නම් PR සඳහා ඇයඳුම් කල හැකියි.හැබැයි මං දන්න ගොඩක්
      අය ඉන්නවා බැදලා අවුරුදු 5 ,6 වෙච්ච තම
      විවාහක සහකරු වීසා මත ඉන්න අය.

      Delete
  2. අපෝ මහ හීතල රටක් ලංකාව හොඳා මට නම්...

    ReplyDelete