a

Saturday, March 31, 2012

ජපනා වැසිකිළිය මොඩිෆයි කරයි!!!මේන්න වතුර නැති ප්‍රශ්ණේට විසඳුම්!!!!


රට ගියාම  කෙනක්ට ඇතිවන ප්‍රශ්ණ ගැන ඇහුවොත් ඔව්වා කියලා ඉවර කරන්න බැරි තරම්! කියලා තමයි උත්තර දෙන්න වෙන්නේ.හැබැයි ඔය කියලා ඉවර කරන්න බැරි ප්‍රශ්ණ වලින්  කාට  කාටත් ටික ටික හරි පොදු වන ප්‍රශ්ණ ටිකකුත් තියෙනවා.ඒව්වා ඇවිල්ලා මේව්වා ටික.

1.භාෂාව,ඔය චීනේ,රුසියා, තයි,හරි ජපන් ගිය ඇත්තෝනම් ඔය කට්ට ෂෝක් එකට විස්තර කරයි.හැබැයි ඔය ප්‍රශ්ණේනම් මාස 6,7ක් යද්දී ගොඩක් අය ගොඩ දා ගන්නවා.
2.ඊ ළඟට කෑම බීම. සමහර රටවලනම් ඉතිං අමු මාළු, නයි මස්, අරවද?මේව්වාද? ජිවිතේට අහලා නැති නම් වල කෑම.හැන්දයි ගෑරුප්පුවේන් දන්න සේල්ලං ඔක්කොම දාලා ගොඩ දාගන්න පුළුවන් තැන් තිබ්බාට.කො‍ටු වලිනුත් කන්න සිද්ද වෙන තැන් තියේනවා.ඉතිං ඔය වේලාවට තමයි යකෝ මුන්ට කෝ‍ටු නැතිව වෙන මුකුත් හොයා ගන්න බැරි වුනාද කියලා අහන්න හිතේන්නේ.(හිතුනට අහන් නැහැ,මොකද අංක එක හරහාට පොල්ල දාන නිසා.)
3.කෑවනම් බීවානම් අයේත් අහන්න දෙයක් නැහැ ඊ ළඟට එන ප්‍රශ්ණේ.ටොයිලට් යාම.පොඩි පොඩි බර වලටනම් අවුලක් නැතත් ,ලොකු බරකින් නිදහස් වුනාට පස්සේ,හොද ගන්න වතුර නැති ප්‍රශ්ණේ!!!.යුරොපේ ඇමරිකානු රටවල් වල විතරක් නෙමයි ඈත පෙරදිග රටවලුත් දැන් හුරුවේලා ඉන්නේ "හොදන්න" නෙමයි " පිහිදගන්න" සිස්ටම් එකටයි. මං දන්න ගොඩක් අය ඉන්නවා රට ඇවිත් අවුරුදු 5,10ක් වුනත් පිහිදාගන්න වැඩේට සෙට් වෙන් නැති අය.ගමනක් බිමනක් යන වේලාවකට ඉමජෙන්සි කෝල් එකක් බඩෙන් අවොත් බඩුම තමයි.ගෙදර යනකං ඉතිං අල්ලං ඉන්න වෙනවා.
ඔන්න ඔතනදී මට මෙන්න මේහම එකක් හිතිලා තියෙනවා,මෙක මාගේ අතිශයින්ම පෞද්ගලික යොජනාවක්! ටොයිලට් පේපර් වැඩේ ලංකාවට වඩාත් සුදුසුයි කියලා.වෙන මුකුත් නිසා නෙමයි,සමාන්‍යයේන් වැසිකිලියක "පිරිසිදුභවයට "වතුර භාවිතා නොවී,"පිහිදා ගැනීම" 15% වැඩි දායකත්වයක් දරයි දරයි කියලා මට නිකං නිකං වගේ හිතුන නිසා,වැසිකිලියක(විශේෂ්යෙන්ම වැසිකිළිය " පොදු" වු විට)පිරිසිදුභාවයට එය පාවිචීකරන්නා " අනේ දෙයිනේ මං වාගේම තව කෙනෙකුත් මේ වැසිකිළිය හිරිකිතයක් නැතිව පාවිච්චී කරන්න ඔනේ" කියලා හිතන එක තමයි ඔය අනිත් 85%. 
තව ගොඩාක් සාධාරණ හේතුත් එක්ක, "සුද්දා පස්ස හොදන් නැති එක" ගැන ස්ටේජ් උඩ බෙරිහන් දෙන්න ඔනේ නිසා ඔය වැඩේ කීයටවත් ලංකාවේ වෙන් නැතැයි කියලා මං දන්නවා හොඳේ!.හැබැයි ඉතිං කාලේ වෙනස් වෙද්දී තාලේ අළුත් වෙන නිසා , කියන්න බැහැ අපේ අළුත් පරම්පරාව ඔකත් නොකර ඉන්න බැරි නැහැ!
වල් පල් කියව කියව ඉදලා කථා කරන්න ආපු එකත් තව ටිකෙන් අමතක වෙනවා.ඔන්න එහෙනං කියන්න ආපු එක.(දෙක,තුන පස්සේ දවසක කියන්නං)
දැන් ඔය කක්කා කරලා පස්ස පිහිදාන එක බටහිරයන්ට අවුලක් නැති වුනාට,ආසියාවේ අපි දන්නවා හොදගන්න එකේ තියෙන ආතල් එක.නිකමට හිතන්න ඔය හොද ගන්නවා කියන ආතල් එක කීයකට විතර විකුනන්න පුළුවන්ද කියලා!(මේ මඟුලක් කියවනවා එහෙම නෙමයි,අමතක කරන්න එපා මර්කටිං දන්න මිනිහා මී කුණේනුත් සල්ලිකාරයෙක් වුණ විත්තිය-)අපි ඉතිං ඔය මී කුණේ කථා අහලා,අනිත් කණේන් පිට කලාට, ඔව්වා අහලා එව්වයේ තියෙන මේතඩ් එක ඉගෙනගෙන දියුණු වුනු ජාතියක් ලොකේ ඉන්නවා ජප්පෝ කියලා(ඔක කියුවේ ජපානේ දියුණුවට බුදුදහමේ "අනිත්‍ය දහම" කොච්චර දායකත්වයක් දීලා තියෙනවාද කියලා කවදා හරි පොස්‍ටුවක් ලියන්න හිතං ඉන්න හින්දා) ඔය මෙතඩ් එකට කල්පනා කරපු ජප්පේක් අවුරුදු 25කට 30කට කලින් හැදුවා මරු ගැජට්‍ටුවක්,Washletකියල මෙක හැදුවේ වැසිකිලි,බාත් රූම් උපාංග වල ප්‍රමුඛ නිෂ්පාදකයෙක් වුනTOTO සමාගම.මේ Washlet එක කියන්නේ කොමඩ් එකට සවිකරන ඉලොක්ට්‍රොනික් සීට් එකක්.එකේ දකුණු අත පැත්තේ තියෙනවා බටන් කීපයක්.කක්කා කරලා ඉවර වුනාට පස්සේ තියෙන්නේ අර බටන් වලින් පස්ස හොදන්න තියෙන බටන් එක ඔබන එක. එතොකොට කොමඩ් සීට් එකේ යට හයි කරලා තියෙන සෙන්සර් එක මගින් පාලනය වන  කුඩා උණුවතුර පොප්පය(nozzle) තුළින් වතුර විදීමක් කරලා සේදීම කරනවා.
අද වෙද්දී ජපානයේ ගෙවල් වල 80% කිට්‍ටු වෙන්න තියෙන්නේ මේ Washlet.අන්තර්ජාලේ ඔය washlet එක හදන්න මුල පුරපු toto නිර්මාණ කණ්ඩායමේ සේවය කරපු ඉනවුවේ ෂුජී මහත්තයා washlet එක හදන්න මුල් වුන කාරණා ගැන මෙහෙම කියලා තිබුනා.
“Washlet කතන්දරය පටන් ගන්නේ 70 දශකයේන්, 70 මුල් කාලේ ජපානේ තිබුනේ 
අධි සිග්‍රගාමී අර්ථික සංවර්ධනයක්.අහස සිඹින ගොඩනැඟිලි ඉදිවෙන්න ගත්තේ එකක් 
පරයා එකක් විදියට.අපේToto සමාගමටත් අතිශයින්ම කාර්යබහුල දවස් වුනා. හැබැයි,
වැඩි කාලයක් යන්න කලින් OPEC සංවිධානය ඊශ්‍රයල් අර්බුද සහ තෙල් සංචිත සීමාකම
මත තෙල් අපනයන සීමා කිරිමත් බොර තෙල් බැරලයක මිල දෙගුණයකටත් වඩා 
වැඩි අගයකින් ඉහළ දැම්මා, ඔය සිදුවිම් සමගම ලොව පුරා තෙල් අර්බුදයක් ඇති වුනා( oil crisis) 
70 දශකයේ දෙවරක්ම සිදුවුනු තෙල් අර්බුද ජපාන අර්ථිකය සැහෙන්න බලපෑම් එල්ල කලා.
අවසන් ප්‍රතිඵලය වුනේ හදපු ගෙවල් ,ගොඩනැඟිලි විකිනෙනේ නැතිව යාම. Toto සමාගමත් 
ඒ සමගම දැවැන්ත අර්බුදයකට ලක් වුණා.අපේ භාණ්ඩ විකිනෙන් නැති තැනකට අවා.ඔන්න
 ඕතනදී තමයි සමාගමේ පැවැත්ම වෙනුවෙන් අළුත් වැසිකිළියක් ,අළුත් වෙළඳපොළක් සඳහා 
නිර්මාණය කරන්න ඔනේ කියලා තීරණය කරලා Washket නිර්මාණ කණ්ඩායම බිහිවුනේ.
ඔය Washlet එකේ තියෙන වතුර පොම්ප කරන nozzle එක තමයි අරුම පුදුම භාණ්ඩේ.මොකද හරියට තැනට අවශ්‍ය අකාරයට වතුර විදීම වුනේ නැත්තම් ,නියම විදියට හෙදුනේ නැත්නම් washlet එක මාර්කට් කරන්න බැරි වෙනවා.අනික හොදන වැඩේ කරන්න ගිහින් nozzle එකයි සෙන්සර් එකයි අපිරිසිදු වුනොත් ,කක්කා කරලා පස්ස Auto හොද ගෙන ටොයිලට් එක හොදන්න වැඩ සිද්ද වුනොත් එහෙම  මේ ගැජට්‍ටුවට වෙළඳපොළක් නිර්මාණය කරන්න බැරි වෙනවා.ඔය ප්‍රශ්ණ දෙකලු Washlet එකේ නිර්මාණ ටීම් එක එරුනු තැන් කියලා සඳහන් කරලා තිබුනේ.
Dual-Action Spray
ඔය ගැටළු විසඳගෙන තියෙන්නෙත් හරි අපුරු ආකාරයකට,ඔය ටීම් එකේ හිටිය බුවෙක් උදේට වැඩට එද්දී කාර් එකක රේඩියෝ ඇන්ටනාව එලියට දිග ඇරෙන දර්ශනය අහම්බෙන් දැකලා ,ඔය ඇන්ටනා එක දිග ඇරෙන මේතඩ් එකට තමයි nozzle එක පැලෑන් කරලා තමයි වඩා සාර්ථක පස්ස සේදීමක් කර ගන්න පුළුවන් වේලා තියෙන්නේ,අනිත් ගැටළුව විසඳගෙන තියෙන්න සේවකයෝ 300 යොදගෙන සති ගණන් අත්හදා බලලා අංශක 43 කොණයකට nozzle තිබුනොත් අපිරිසිදු වතුර nozzle එකේ ගැවෙන එක වලක්වාගන්න පුළුවන් කියලා හොයගෙන. ඒ වාගේම වතුර පොම්ප කරලා අවසන් වුනාට පස්සේ nozzle එක ස්වංක්‍රීයව පොම්පය සහ ඒ අවට පිරිසිදු කර ගන්න විධියට 
තමයි හදලා තියෙන්නේ.
Self-Cleaning Wand

80 ගණන් වල භාණ්ඩේ නිර්මාණය කලාට ඔක ජපානය තුළත් සැහෙන්න ජනප්‍රිය වුනේ දැන අවුරුදු 510ක ඉඳන්.ටොකියෝ නුවර නම් හැම තැනකම තියෙන්නේ ඔය ජාතියේ ටොයිලට් තමයි.මේ ටොයිලට් අනිත් රටවල් වල තාම එච්චර ජනප්‍රිය වුනේ නැති වුනාට හොලිවුඩ් නළු නිළියෝ නම් වහ වැටිලා ඉන්නේ.2005 ‍ටුවර් එකකට ජපන් ආපු මැඩෝනා  නොනා නතර වේලා හිටිය හොටලේදී  දැකපු Washlet එකට හිත වැටිලා ,ගෙදර යද්දී 4ක් 5ක්ම ගෙඩි පිටින් සල්ලි දීලා අරන් ගිය කථාව බොහොම ජනප්‍රියයි.එයාපොර්ට් එකට බයි-බායි කියන්න ඇවිල්ලා හිටපු ජනමධ්‍යවේදීන්ට ජපානෙන් හබ්බ වෙච්ච හොඳම දේ මේ ටොයිලට් එක තමයි කියලා වොයිස් කට් එකකුත් දීලා ගිහින් තිබුනේ. විල් ස්මිත් වාගේම් ලියනාඩො ඩ්‍රිකාපියොත් Toto ලාට කියලා සුඛොපභොගී Washlet හදාගත්ත විත්තිය පත්තර වල ගිහින් තිබුනා.දැන්නම් toto හැරුනාම අනිත් නිෂ්පාදකයොත් washlet හදනවා.පැනසොනික්ලා හදන washlet එකක් යේන් 10,000කට වාගේ ගානකට ගන්න පුළුවන්.මිල ගනනුයි ,අවශ්‍යතාවය අනුවයි මේක සුඛොපභොගී භාණ්ඩයක් කියලා තව දුරටත් හදුන්වන්න පුළුවන් කියලා නම් කියන්න අමාරුයි.
ජපනො හදපු ගැජට් වලින් මගේත් හිත ගත්ත එකක් මෙක තමයි.ඔන්න ඉතිං ඉස්සරහට ලොකේ කොහේ ටොයිලට් ගියත් වතුර ප්‍රශ්ණේ පැන නගින් නැති දවසක් එන්න පුළුවන් කවදාහරි.
Sri Lankaගේ ඉල්ලීම ඔන්න ඉ‍ටු කලා
තැනක් නොතැනක් නැතිව නාගන්න ලැහැස්ති කට්ටියට ඔන්න මෙක,


පින්තුර
අශ්‍රිත
විකිපිඩීයා

11 comments:

  1. නියම විස්තරයක්.. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යු වෙවා!!,
      ජප්පො ගැන කථා සිරියස් එකක්ම ඉස්සරහාට ලියන්න හිතන් ඉන්නවා.

      Delete
    2. niyamai. Tawa wisthara liyanna. asai kiyawanna.

      Delete
  2. Comment By හදවතින්ම ශ්‍රී ලංකිකයි මේකේ වීඩියෝ එකකුත් තිබුනානම් පට්ට

    ReplyDelete
  3. මරු ගැජමැටික් එකක්නේ...

    ReplyDelete
  4. Replies
    1. රත්තරං වලින් හදපු කොමඩ්
      තියෙන ඔය පැත්තේ
      මෙව්වා නැති වෙන්න
      විදියක් නැහැ.

      Delete
    2. වළ කක්කුස්සිය තරං මේ මොකුත් හරියන්නේ නෑ සහෝ.....

      Delete
  5. ඔය ජාතියෙ ගැජට් එකක් අපේ ගෙදරත් හයි කරලා තිබ්බා 1999 හෝ 2000 දි. ඒක විකිණුවෙ සෙන්ට් ඇන්තනීස්ල. ඒකෙ තියෙන්නෙ ස්ව්ච් එකක් නෙවෙයි කාර් එකක ගියර් ස්ටික් එක වගෙ පැත්තකින් තියෙනවා ටැප් එකක නොබ් එකක්. ඒක ඇරියම වෝටර් ජෙට් එකක් ගානව වදිනවා. අනික තමන්ට කැමති විදියට කස්ටමයිස් කරන්න නොසල් කීපයක් තිබ්බා. පස්සෙ එක කැඩිලා ගියා.

    henryblogwalker the Dude

    ReplyDelete
  6. I think Russia should start using those.. Very practical.....

    ReplyDelete