a

Sunday, March 25, 2012

නොකියා, Lumia 900 සමග නැවත රජ මාවතට?


වැඩිය ඕනේ නැහැ.අවුරුද්දු 5ක් අතීතයට ගියාම ඇති! සෙල් ෆොන් ගැන අපි දැනගෙන හිටියේ මෙච්චරයි, අවුලක් නැතිව කාලයක් පාවිව්චී කරන්න හිතන් ඉන්නවානම් "නොකියා ෆොන්" එකක් ගන්න ඔනේ.හැබයි ලංකවේ නම්, දකුණු කනේන් රිංගලා වම් කනේන් එළියට එද්දී අපේ බඩේ හිටන් තියෙන බොකු බඩවැල් පවා අරන් එළියට බහින පිටකො‍ටුවේ අයියලාට එහෙම අහු නොවී නියම "ඔර්ජීනල් නොකියා" එකක් වෙන්න ඔනේ.අළුතේන් අත ගහපු බිස්නස් එකත් නැගලා යනවානම්, පොඩ්ඩක් විතර යාළුවන්ටයි අනිත් වටේ පිටේ ඇත්තන්ටයි "පොඩි පොඩි මැජික්" ටිකක් පෙන්න ඔනේනම් ඉතිං ටිකක් අත දිග ඇරලා වියදම් කරලා ඔය සිංගප්පුරු පැත්තේ ගිහින් එන කෙනෙක්ට කියලා වින්ඩොස් මොබයිල් තියෙන ස්මාර්ට් ෆොන් එකක් ගෙන්නගෙන පාවිච්චි කරන්න ඔනේ. (ඒ කාලේ හොඳ හොඳ කෑලී සෙට් වුනේත් ඒ වාගේ මැජීක් පෙන්නපු වුන්ටය.දැන්නම් කොහොමද දන්නේ නැතිය.) එව්වා බල බල අපිත් හිතුවේ කවදා හරි දවසක කොහොම හරි ගන්නං ඔනේ වින්ඩොස් මොබයිල් ෆොන් එකක් කියලාය.


අපේ කර දඬු උස් මහත් වේලා ස්මාර්ට් ෆොන් එකක් අතට ගන්න පුළුවන් වයසට එද්දී අනේ දෙයියනේ කියන්නේ,දෙයියෝ වාගේ හිටිය Microsoft OS යි ලෝකේ ජංගම දුරකථන මාර්කට් එකේ ආඩම්බරකාර ලොක්කා වෙච්ච නොකියා අපිටත් නොකියා හුළං බස්සගෙනය. මේ ඩබලගේ හුළං බැස්සුවේ 2007මාර්කට් එකට මුලින්ම ආපු ඇපල් iPhone හාදයාය.ආපු දවස් වල නම් අර ඩබල අළුත් හාදයා දිහා බැලුවේ ඔලොක්කුවටය.හාදයා අළුත් උනාට මිල නම අස්ප ගණන්ය.ඒ මදිවාට ඔබන්න පුළුවන් බටන් කියන ජාතිය නැතිය.කොටින්ම කී බෝඩ් එකක්ම නැතිය.කොම්පියුටර් අත ගගා හිටපු ඇපල්ලාට සෙල් ෆොන් ගැන මුකුත් තේරෙන් නැති නිසා මොලෝ රහක් නැති ෆොන් එකක් හදලාය.ඔව්වා බයියන්ටවත් විකුණාන්න බැරිය එහෙම හිතං වුන්නං.
හැබැයි බඩු විකිණේන්න ගත්තේය,බයියොත් ගත්තේය, අනිත් අයත් ගත්තේය, හැමෝම ගන්න ගත්තේය. කොටින්ම ඇමරිකානුIT වෙළපොළ දත්ත විශ්ලෙෂ්කInternational Data Corporation (IDC)  කියන විදියට 2007 ඉවර වෙද්දී නොකියා සමාගම භාවිතා කල Symbian OS වෙළඳ පොළ 63%ක හිමිකම 19% දක්වා කඩන් වැ‍ටුනහ.ස්මාර්ට් දුරකථන සම්බන්ධව Microsoft හිමිකම 13% ඉඳන් 2% විතර වෙනක් පසු බැස්සහ.කොටින්ම යොධයෝ කුරුමිට්ටො වෙචිචිය.
දවස් ගෙවුණා ය.පොඩ්ඩක් නෙමය අවුරුදු 5,6කම නොකියායි මයික්‍රොසොෆ්ට් දන්න සෙල්ලම් ඔක්කොම දැම්මේය. හැබයි ගොඩ එන්න බැරි වුනනේය.ඒ අස්සේ තව කචල් කාරයෙකුත් ගුගුල්ලා එළියට දැම්මේය.
අන්තිමට ඩබලට කරන්න ඔනේ දේ තේරුනේය.ළිඳට වැටිච්ච මිනිහට ළිං කටින්ම ගොඩට එන්න ඔනෑ බව තේරුනේය.අනික මාගේ සතුරාගේ සතුරා මාගේ මිතුරාය කියලා කියමනක් තියෙන විත්තිය නොකියා ලොක්කා ගේ ඔළුවට වැ‍ටුනේය.
අන්තිමට නොකියා ලොක්කයි මයික්‍රොසොෆ්ට් ලොක්කයි අත් වැල් බැඳ ගත්තේය.මොකටවත් නෙමයි අපහු රජ වෙන්නය. එක වුනේ මෙහෙමය.දවසක මහ රෑ ක (රෑම කියා ෂුවර්ම නැත්තේය)මයික්‍රොසොෆ්ට් එකේ වැඩ කරපු Stephen Elop මහත්තයාව නොකියා ඉස්සුවේය.නොකියා කියලා කියුවාට මයික්‍රොසොෆ්ට්ලාට කියලාය  ඉස්සුවේ. ඒ මහත්තයා නොකියා CEO වුනේය.පස්සේ මයික්‍රොසොෆ්ට්ලායි නොකියායි ගැට ගැහුවේ ඒ උන්නැහෙය. ඊටත් පහු  මාස 3,4කට කලින් ලාස් වේගාස් වල කොන්සියුමර් ඉලෙක්ට්‍රොනික් ෂෝ වලදී රජ බඩුවක් එළියට දැම්මේය.නම වුනේNokia Lumia 900 දාපු ගමන්ම 2012 හොඳම ස්මාර්ට් දුරකථනයට හිමි සම්මානය තමන්ගේ නමට ලියා ගත්තේය.වැඩ කිඩ ගොඩක් තියේනේය.4Gය.හදයා හොදටම Slimය නොකියාත් Gym යන්න පටන් අරන් වාගේය.ඩීසයින් එක ටොපේ ටොප්ය. එහෙම කියන්නේ මං නෙමේය. ෆොන් ගැන එළකිරි වාගේ දන්න අයය.ඩිස්ප්ලේ එක 4.3"ලුය.ටච් ස්ක්‍රීන් එක 800×480.8 මෙගා පික්සල් කැමරාය.
නොකියා ඇමරිකානු සමාගමේ ලොක්කා කියුවේ ඔන් අපි අයේත් කරළියට බැස්සා කියලාය.
මෙකේ OS එක මයික්‍රොසොෆ්ට්ලා හදපු වින්ඩොස් ෆොන් වල අළුත් එකය කොඩ් නේම් එක මැංගෝය.(Windows Phone 7.5) (කොහොමත් දැන් නොකියායි මයික්‍රොසොෆ්ට්‍ටුයි මැංගෝ ෆෙන්ඩ්ලාය)ඇප්ලි බට්ටන් තඩි සයිස්ය.මේ දවස් වල තඩි සයිස් වලට ඉල්ලුම කොහොමත් වැඩිය.නොකියාLumia 800 පාවිචිචී කරන යුරොපේ ජිවත් වෙන යාළුවෙක් කියුවේනම් මැංගෝ OS එක එළ කිරිම කියාය.. මාර ෆාස්ට්ලුය.ටච් කරපු ගමන් බුක් ගාලා ඇප්ස් ලොඩ් වෙනවාලු.යුරොපේ නම් හරියට ජනප්‍රියලුය. අයි ෆොන් එක්ක තිබ්බාම අයි ෆොන් නිකං පරණ වෙලා වාගේ පේන සයිස්ලුය. කොහොමත් නොකියාLumia කාණ්ඩේ යුරොපේ එළ කිරි වාගේ විකිනෙන්නේය.ඩිසයින් එක යුරෝපියන් ටෙස්ට් එකට අල්ලලා යන හින්දා වෙන්න ඔනේ.නොකියා ඩිසයින් ලොක්කාMarko Ahtisaari මහත්තයා නම් කියන්නේ" සමහරු හිතන විදියට  ඩිසයින් පැත්තේ ඇපල්ලාව ඉක්මවා යන්න බැහැ කියලා හිතන් ඉන්න එක වැරදියි " කියලාය.කොහොමත් ඩිසයින් එක පැත්තේන් නොකිය Lumia 900 ඇපල්ලාටට වඩා ලකුණක්  2ක් වැඩිපුර දෙන්න පුළුවන්ය.
ගේම පටන් ගන්නේ දැන්ය.මේපැත්තේන් ඇපල්ය අනිත් පැත්තේන් ගුගුල්ලාගේ Androidය.දැන් මැදට පනින්න හදන්නේ පැන්ෂන් ගිය චණ්ඩියා වෙච්චී නොකියාය.පැන්ෂන් ගියත් අළු ගසා දලා තරුණ වෙන බෙහෙත මයික්‍රොසොෆ්ට්ලාට කියලා හදන් ඇවිත් ඉන්නේලුය.අන්තිමට ඉතිරිවෙන්නේ කවුද?ස්මාර්ට් ෆොන් OS ගැන දන්න අයනම් කියන්නේ "3දෙනාම ඉතිරි වෙන විත්තියය"Lumia 900 දිහා බැලුවාම මටත් එහෙම හිතෙන්නෙය. හැබයි අන්තිමට නැති වෙන්නේ පරිභෝගිකයාගේ අතේ තියෙන තුට්‍ටු දෙකය.


පින්තුරය
මුලාශ්‍ර
නීව්ස්වීක් ජපාන වෙළුම
විකීපිඩියා


15 comments:

  1. මගේ iPhone එකත් කැලේට ගියා එහෙනං....

    ReplyDelete
    Replies
    1. ipod එක iPhoneකලා වගේ Lumia 900 එකකුත් හදාගන්න
      ක්‍රමයක් තිබොත් ඔන්න පොස්ට් එකක් දාන්න මචං.

      Delete
  2. Please check this links
    http://www.pcmag.com/article2/0,2817,2387131,00.asp

    ReplyDelete
    Replies
    1. and this one also
      http://www.gsmarena.com/compare.php3?idPhone1=4275&idPhone2=4369

      Delete
    2. Link දුන්නට තැන්ක්ස් මචෝ.Article එකෙනම් Mango LTE、 Support
      කරන් නැති විත්තිය ලියලා තිබුනත් Lumia 900 ඇමරිකාව තුළ AT&T`ලාගේ
      LTE Network එක වැඩ කරන විත්තිය තමයි කියන්නේ.
      http://www.reuters.com/article/2012/01/09/idUS211420+09-Jan-2012+HUG20120109

      Delete
  3. ඇන්ඩ්‍රොයිඩ් වැටෙන්න අපි දෙන්නේ නැතිය... කවදා හෝ එහෙම උනොත් අපි ලිප්ටන් වටරවුමේ ගිනිතියාගෙන මැරෙනවාය...

    ReplyDelete
    Replies
    1. එළම තමයි ,ස්පොර්ට් එකට මත් එනවාය.හැබයි දේශපාලුවොනම් ගේන්න එපාය!!
      .මොකද ඇග පත අත ගාල චේක් කොලොත් සාක්කුවේ තියෙන
      අයි ෆොනය මාට්‍ටු වෙනවාය!!!.
      එක ගත්තේ දුක් විඳලාය කුඩු කර ගන්න බැරිය.

      Delete
    2. ඔව් මචං android තමා අපිට පිහිට

      Delete
  4. මමත් අයි පෝං එකකට යන්න හිතාගෙන ඉන්න කාලේ මෙහෙම කිව්ව එකත් ලොකු දෙයක් ය!

    ReplyDelete
    Replies
    1. හිතනං ඉන්නේ නම්
      කෙලින්ම අයි ෆොන්ම ගන්න එක හොඳය.
      ඇපල්ලා කොහොමත් ලඟදී නම් කඩන් වැටෙන පාටක් පේන්නේ නැතිය.
      අනික ඔය කවුරු කවුරුත් තාම යන්නේ ඇපල් ගිය පාරේය.
      මාත් අපේ මලයගේන් කනක් ඇහිලා ඉන්න ඔනේ නිසා
      අයිෆොන් 3GS පාවිච්චී කරපු එකක් අරන් දැම්මේය.
      හොයලා බැලින්නං පරණ එව්වා වුනත් ඇපල්නම් ලංකාවේ
      බුදු ගණන්ය.

      Delete
  5. කථාව එළකිරිය. කාලයට ඔබින්නේය. පෝං කොච්චර දියුනුවුනත්, බැටරියනම් ඉක්මනට දොයියා ගන්නේය. මේ බැටරි කාලය වැඩිකරන පෝං සමාගම් දියුනුවන්නේය.

    ReplyDelete
    Replies
    1. කටේ මසුරන් දාන්න වටින කථාවක්ය.
      ස්ක්‍රීන් එළය. ඩිසයින් එළය,
      අරවත් එළය මේව්වාත් එළය.
      හැබැයි කොයි කොයි අයගේත් බැටරි නං චාය.
      සතියක් විතර අල්ලා හිටින බැටරියක් ඇත්නම් අගනේය.

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete