a

Saturday, September 1, 2012

Apple vs. Samsung හැබෑ පරාජීතයෝ කවුරුන්ද?


ඇපල් සමාගම ඩොලර් බිලියන 1.05 දැවන්ත වන්දියක් හිමි කරගෙන නිම වු ලොව අංක 1 ජංගම දුරකථන නිෂ්පාදන සැමුසන් සමාගමට එරෙහි නඩුව පිළිබඳ පසු විපරමකි මේ.


නඩු යන්නෝ වැනසෙන්නොය.හැබැයි එහෙමයි කියලා ඇපල්ලා නඩු නොගින් නොහිටියෝය. නඩු පිට නඩු ගියේය. ඒ සැමුසන් සමාගමට එරෙහිවය,අමේරිකාවේ විතරක් නෙමේය,එංගලන්තේ ජර්මනියේ ඔස්ට්‍රෙලියවේ ජපානේ………….. කොටින්ම සැමුසන්ලාගේ මව්බිම වෙච්ච කොරියාවේ හිටන් ඇපල්ලා නඩු දාන්න ගත්තේය.නඩු කියන්නේ මේව්ව්වා වැල් පොළි ක්‍රමේ නඩුය.හරියට ජෙනරාල් උන්නැහෙට දැම්ම නඩු වැල වාගේය.කෙස් එක මේකය, ඇපල්ලා කියන්නේ සැමුසන්ලා අයි ෆොන් එක කොපි කලා කියලාය.තව අයි පැඩ් එකත් කොපි කලා කියාලය,තව ඔබන විදියත් කොපි කලාය කියලාය."ඔබන " ක්‍රමේ අයිති ඇපල්ලාටය,තව හුට පට ගොඩක්ය.

ඇපල්ලා කියන්නේ මෙහෙමය,අයිෆොන් එක මොකක්ද සැම්සන් ෆොන් එක මොකක්ද කියලා ඇමරිකන්  හුදී ජනයාට හොයා ගන්නට බැරි තරමට කොපි කැට් වේලා කියලාය.දෙක එක වාගේ පෙනවාලු.නඩුව අහපු ජුරිය එක ඇත්ත කියලා පිළිගත්තේය.තව ඔය ස්ක්‍රීන් එක ඇඟිලි දෙකෙන් zoom කරන වැඩ කැල්ලත් ඇපල්ලාගේ ප්‍රණ භුක්තියට හිමි වෙච්ච දෙයක්ලුය. එකත් මේ කොපි ඔස්තාර් සැමුසන් කාරයා උස්සලාය.
ඇපල්ලාට නහුතෙට තද වේලා තියෙන්නේ සැමුසන් මුල ඉඳලාම ඇපල්ලාගේ ට්‍රස්ටඩ් පර්ට්නර් කෙනෙක් විදියට ඉන්න ගමං ගේම දුන්න එකටය. ඔය අයි ෆොන් එක ඇතුලේ තියෙන කෑලි ගොඩක් හදලා තියෙන්නේ සැමුසන්ලාය.
හැබයි ඇප්ල්ලා උගන්නපු විදියටය...වැඩි දවසක් යන්න කලිං සැමුසන්ලාත් තඩි ස්ක්‍රීන් එක්ක ස්මාර්ට් ෆොන් හදන්න ගත්තම ඇපල්ලාට තමන්ගේ අරක්කු වලින් තමන්ටම ගහන සයිස් එකට දැනුන එක ඉතිං පුදුම වෙන්න දෙයකුත් නැතිය.
ඉතිං අයුබෝවන්ඩ ඇපල්ලා නඩු දාන්න ගත්තේය. හතර අතේ දැම්මේය.ගිය සතියේ ඇමරිකන් නඩුව හමාර උනේය.ඇපල්ලා අත උඩින් දින්නේය.අත යටින් මුකුත් හුවමාරු වෙච්ච විත්තියනම් තාම අහන්න ලැබුනේ නැත්තේය.අත යටින් මොනවා හරි වුනං වීකී ලීක්ස් අයියා ගේන් බේරෙන්න බැරිය,කොහෙන් හරි හොයං වෙබ් එකට අත අරිනවාය.කතාවෙන් ටිකක් පිට පනිනවාය .විකී ලීක්ස් කියුවාම මතක් වුනේ ලංකා ලීක්ස්වය ලඟදී ඉඳන් ආගිය අතක් නැතිය දන්න කෙනෙක් ඉන්නවනං කොමෙන්ට් පොජ්ජක් මන්දං කොරන්න කියලා ඉල්ලනවාය.
ආපහු ඔං නඩුවට එනවාය.නඩුවේ පශ්චාත් අහවල් පරික්ෂණයටය.ඔව්වා පරිස්සමේන් ලියන්න ඔනේ කාරණාය නැත්නම් උසාවියට අපහාස කොලා වෙනවාය.නඩුවෙන් පැරදුනු එවුන්(හැබෑ) එවුන් හොයන්නය මේ අහවල් එක තියන්නේ.අහවල් එක නොතිබත් පැරදුනේ සැමුසන්ලා විත්තිය ‍තෝ දන් නැද්දැයි මගේන් අහන්න එපාය.කතාව ඇත්තය ,පැරදුනේ උන්ය. සැමුසන්ලාගේ ගැලක්සි එස් එකේ කිපයක් විකුනන්න ඇමරිකාවේ තහනං වෙන්න ඉඩ වැඩිය.ඔය හැම ෆොන් එකෙම තියෙන්නේ ගුගුල්ලා ඇන්ඩරෝයිඩ්ය.ඇන්ඩරොයිඩ් කියන්නේ අද වෙද්දී මොබයිල් මාර්කට් එකේ වැඩි ඉල්ලුමක් තියෙන ජනප්‍රියම OS එකය.නඩුවෙන් ගුගුල්ලාටත් ෂොට්  එකක් වැදෙයි ද කියලා හිතන එවුන් ඉන්නාවය.එව්වා හ‍ඳෙය. ගුගුල්ලාට මුකුත් වෙන් නැතිය.බිස්නස් පැත්තෙන බැලුවාම ගුගුල්ලා ඇන්ඩරොයිඩ් වලිං හබ්බ කරන්නේ සොච්චමක්ය.ඇන්ඩරොයිඩ් වලින් වැඩියෙන්ම හබ්බ කලේ සැමුසන්ලා විතරය.ඔන්න බළලා එළියට පැන්න තැනය අයි ෆොන් එක වාගේ ෆොන් හදපු වෙන එවුන්ට නඩු දාන් නැතිව ඇපල්ලා සැමුසන්ලාට නඩු දැම්මේ ඔක හින්දාමය.හැබයි ඉස්සරහ මේ නඩු තිරණේ මත අනිත් කොම්පැනි වලත් බඩු බනිස් වෙන්න ඉඩ තියෙනවාය.
නඩුවේන් ඇපල්ලාට විතරක් අයිතියි කියලා පිළිගත්ත ගොඩක් වැඩ කිඩ අනිත් කොම්පැනි වල හදන ෆොන් වලත් තියෙනවාය.හැබැයි ඔය ඔක්කොම සෙල්ලං ඇමරිකවේ ඇතුලේ විතරය.
අනිත් පැත්තට ගුගුල්ලා ඇන්ඩරොයිඩ් කරන්නේ නිකංය. නිකං කියුවේ නොමිලේය.හැබැයි ඉතිං ගුගුල්ලා නිකං දෙන එක හින්ද නැති වුනත් කාරි නෑ කියා අත අරින්නේ නැති විත්තිය ෂුවර්ය. ඊයේ පෙරෙදා මොටොරොලා හරහාත්  ඇපල්ලාට නඩු ටිකක් දාලා බැලුවේය.හැබයි අළුත්ම නිවුස් එක කියුවේ ඇපල් ලොක්කායි ගුගුල් ලොක්කායි පේටෙන්ට් එව්ව්වා ගැන සෙට් වෙලා කතා කරපු  විත්තිය.දෙගොල්ලො කතා කරගෙන්න විසඳ ගන්න ඉඩ වැඩිය.ඇපල්ලාත් නඩුවෙන් ගුගුල්ලාට අංචියක් අදින්න බැරි විත්තිය දන්නේය.
ගුගුල්ලාට කොහොම වුනත්  මේ නඩුවෙන් වැඩියෙන කෙල වෙන කට්ටියක් පැත්තක ඉන්නවාය. ඒ ඇමරිකා....නු ජංගම දුරකථන සේවා සප්ලයි කරන ටෙලිකමිනිකෙෂන් කොම්පැනිකාරයෝය. ඔය කොම්පැනි කාරයන්ට අයි ෆොන් එක්ක තියෙන්නේ අමුතුම දීගයක්ය. නිකං උණු හින්ද බොන්නත් බැරි කිරි හින්දා විසි කරන්නත් බැරි සම්බන්ධයක්ය.ඔය සම්බන්දේ එළ කිරි පැත්ත මේකය ....අයි ෆොන් එක මාර්කට් එකට එන්ටර් වේලා අස්ප ගණං වලට විකුනන පුළුවන් මොබයිල් බොර්ඩ්බැන්ඩ් පැකේජ් හැදුවේය.කලිං කිලෝ කැලි වලින් ෆොන් එකේ නෙට් පාවිචී කරපු උන්දලා අයි ෆොන් එක්ක මෙගා වලිනුත් එහා ගිහින් ගිගා කෑලි වලින් වැඩ කරන්න සෙට් උනේය. පැකේජ් එක විකුනන කොම්පැනි වලට සල්ලි නිකං වතුර වාගේ ගලන්න ගත්තේය. ඔය ඉති අයි ෆොන් එක එළ කිරි පැත්තය. ඔය එළි කිරි ඇපල්ලා දෙන්නේ උණු කරලාය. ඒ මෙහෙමය ඇපල්ලා කොම්පැනි කාරයන්ට දාන නිතී වැඩිය කොටින්ම මසේකට විකුනන්න ඔනේ ෆොන් ගනං හිටින් ඇපල්ලා තිරණය කරනවාය.පැකේජ් විකුනන කොපැනි වලට එන ලොකු ගානෙන් ලොකු කුට්ටියක් ඇපල්ලාට දෙන්න වෙනවාය. අනිත් පැත්තට ඇපල්ලාගේ ෆොන එක පාවිව්චී කරන්න පුළුවන් ඇපල්ලා අනුමත කරන දෙවල් විතරය ,අඩුම තරමේ කොම්පැනි කාරයන්ට තමන්ගේ නමවත් ෆොන් එකේ ගහගන්න බැරිය.
ඔය පැත්තෙන් බැලුවාම ඇන්ඩරොයිඩ් ෆොන් විකුනන එක මාර ලාබය. එව්වා හදන කොපැනිත් සැහෙන්න තියෙන හින්ද පැකේජ් විකුනන කොම්පැනි වලට තමන් කැමැති කැමති විදිහට වැඩ කැලි දා ගන්න පුළුවන්ය.ගුගුල්ලා ඇපල් වාගේ නෙමේය.හරි නිදහස් චින්තනේ වැඩය.අයි ෆොන් එකට කෙල වෙන සයිස් එකේ ෆොන් හදන් ආපු සැමුසන්ලා පරාද වුන එක සැමුසන් කාරයටත් වැඩිය ඇමරිකාවේ පැකේජ් විකුනන කොම්පැනි වලට පාඩුය.
මේ නඩු වැලෙන් දිනන පිරිසකුත් ඉන්නාවය.ඇපල්ලා නෙමේය. ඇපල්ලා පරාද වුනු තැනුත් තියෙනවාය.ලන්ඩන් වලදි පරාද වේලා මොන්ටිසොරි ක්‍රමෙට සැමුසන්ලා අපෙන් කොපි කලේ නෑ ය කියලා ඇක්සයිස් පොතක් පිරෙන්නම ලියන්න තීන්දුව දුන්න නඩු කාරයෝත් ඉන්නවාය.ඊයේ ටොකියෝ නඩුකාරයාටත් ඇපල්ලාගේන් කොපි කලේ මොකක්ද කියලා පෙනිලා නැත්තෙය. ටෝකියෝ නඩුවේනුත් ඇපල්ලාට වාසියක් නැතේය.
ඔස්ට්‍රේලියවේ නඩු කාරයත් ඇපල්ලා කියපු දේ ඇහුවේ නැත්තේය.සැමුසන්ලාට බඩු විකුනගන්න ඉඩ දුන්නේය.ඔහොම බැලුවාම ඇපල්ලා දින්නාය කියලා කියන්න බැරිය.මේ නඩුවේ නියම ජයග්‍රහිකයෝ ඇවිදින්.....ලෝයස්ලාය.ඇපල්ලාත් සැමුසන්ලාත් වැඩේ ලෙහෙසියෙන් අත අරින පාටක් නැතිය.ෆොන් හදලා විකුණලා ඇපල්,සැමුසන් අයිතිකාරයිටන්ට පළමු පෙලේ කොටිපතියෝ වෙන්න ලැබුන විදිහටම ,ඒ දෙගොල්ලනේ නඩු වලට කතා කරලා කොටිපතියෝ වුන ලෝයර්ස්ලා ගැන ඉස්සරහර ෆොබස් සඟරාවේ ලිපි ලියවෙන්නත් බැරි කමක් නැතිය.
නන්නත්තාර වුන නොකියා කොම්පැනියටත් පොඩි ලයිට් පාරක් මේ නඩුවෙන් වැටෙන්න ඉඩ තියෙනවාය.එව්වා ගැන කියන්න තාම කල් වැඩිය.

http://www.slate.comහි  උන්නැහේගේ Who Really Lost the Apple vs. Samsung Case? You Did. ලිපිය උස්සලා ඔකට  අද ඊයේ අහන්න ලැබුනු  ටෙක් නිවුස් ,නඩු නිවුස් දෙක තුනකුත් ඔබ්බලා සකස් කලේය.

පින්තුරය Reuters

8 comments:

  1. Ko japane gena mukuth liyala nehene,oke nama wenas kara ganin ban

    ReplyDelete
  2. අද නෙමේ හෙටය. හෙට ෂුවර් එකට ලියනවාය.

    ReplyDelete
    Replies
    1. お~い、いつの明日なの?

      Delete
  3. ලිපිය හොදයි. නමුත් මෙවැනි ලිපියකට යොදාගෙන ඇති භාෂා විලාසය නොගැලපේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් හරි.අර අසුචි වාහිනී එකේ NEWS වගේ..නියම ලිපිය

      Delete
  4. sirawatama interesting post ekak kiyala hitahagena kiyawanna haduwata baagayak yaddi epa wela atha arala damma...

    ReplyDelete
  5. samsung paradinakota dinana thawa kattiyak innawa. ea thamai "NOKIA"

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට සැමුසන්ලාත් වින්ඩෝස් ෆොන් නිෂ්පාදනයට වැඩි බරක් දෙන්න ඉඩ තියෙනවා.

      Delete