a

Monday, August 20, 2012

ඇපල් රහස් එකින් එක එළියට.....


"ඇමරිකානු ඇපල් සමාගම සහ කොරියානු සැම්සුන් විදුලි උපකරණ සමාගම අතර දිවෙන ස්මාර්ට් දුරකථන සම්බන්ධ පේටන්ට් බලපත්‍ර සහ අදාල දුරකථන වල සැලසුම් නිර්මාණ පිළිබඳව දැන් පවතින නඩු විභාගය තුළ ඇපල් සමාගමේ අතිශය රහසිගත සමාගම් රහස් සහ මේ දක්වා සමාගමේ බිත්ති හතරින් පිටතට නොපැමිණි කථාවන් පොදු සමාජයට විවර වෙමින් පවතියි.තවද ඇපල් සමාගමේ නව්‍ය උපාංග ලොවට හඳුන්වාදෙන පුරෝගාමි සමාගමක් ලෙස ගොඩනඟාගත් අනන්‍යතාවයද ප්‍රශ්ණ කරනු ලබන ප්‍රකාශ ද විටින් විට උසාවි භුමීයෙන් ඇසෙනු හැකිය.ඇපල් සමාගම නඩුව ජයග්‍රහනය කලද සමාගමක් ලෙස ලබන හානිය සුළු ප‍ටු නොවන බව අනුමාන කල හැකිය."

කැලෆොනියා ජනපදයේ සැන් හුසේ (San Jose) ෆෙඩරල් අධිකරණය තුල පසුගිය මස 30 වන දින සිට විභාග කිරිම ආරම්භ කරන ලද මේම නඩුව තුළ ඇපල් සමාගම කවදත් අතිශය රහසිගතව තබා ගන්නා උපාංග සංවර්ධනය පි‍ටුපස සිදුවෙන කාර්ය කටයුතු පිළිබඳව දත්ත සහ සම්බන්ධිත පුද්ගලයින් සිය සාක්ෂි සහ සාක්ෂිකරුවන් ලෙස මුල් වරට අධිකරණය තුළ අනාවරණය විම සිදුවිය.
පිලිප් ෂිලර් 
ඉන් එක් කරුණකි ඇපල් සමාගම iPhone සංවර්ධනයට පෙර මෝටර් රථ අංශය පිළිබඳව උනන්දුක් දක්වා ඇති වබ දක්වන කථාව.දින තුනක් පුරා උසාවියට පැමිණි පිලිප් ෂිලර් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා (ලෝක ව්‍යාප්ත වෙළඳ කටයුතු අංශය -ඇපල් සමාගම) " අප සමාගම iPod සාර්ථකව අලෙවි විම යන ප්‍රතිඵලය සමග අළුත් ක්ෂෙත්‍රයකට අභියෝග කිරීමට වැඩි උනන්දුවක් දැක්කුවා.මේහිදී මුලිකව අපගේ අවධානය යොමු වුවේ අළුත් මාදිලියේ මෝටර්  රථයක් හෝ නව මාදිලියේ කැමරාවක් නිෂ්පාදනය කිරීම සඳහායි"පවසමින් සාක්ෂි දීම ආරම්භ කරන ලදී.
මීට පෙරද, ඇපල් සමාගම මෝටර් රථ ක්ෂේත්‍රයට ඇතුළුවීමට දරන කැමැත්ත පිළිබඳව  සුප්‍රකට ඇගළුම් සමාගමක් වන J.Crew සමාගමේ සභාපති මෙන්ම ඇපල් සමාගමේද අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කරන මිලාඩ් ඩේක්ස්ලර් වරක් ෆාස්ට්කොම්පැනි සඟරාවට පවසා තිබුනේ ස්ටීව් ජොබ්ස්ගේ සිහිනය iCar නිපදවීම බව ඇපල් නිෂ්පාදන ‍රැල්ල ගැන අළුත් කතිකාවක්ට මුල පැදීය.
නඩුව තුළ ෂිලර් උප සභාපති වරයාගේ සාක්ෂිය මේම කථාවේම දිගුවක් විය හැකිය.
ඇපල් අනාගත නිෂ්පාදන පිළිබඳ බොහෝ ඉඟිද නඩු වාරය තුල අසන්නට ලැබුනු බව පෞවත් පත් වාර්තා දක්වයි.
ඉන් එක් කරුණකි කුඩා ප්‍රමාණයේ iPad යක් නිර්මාණය කිරීම  ස්ටීව් ජොබ්ස් විසින් ඇල්මක් නොදක්වන ලද කරුණක් ලෙස මෙතුවක් IT ක්ෂේත්‍රයේ පැතිරී පැවැති මතය ඇපල් සමාගම විසින් සාක්ෂි ලෙස සමාගමේ විධායකයින් අතර හුවමාරු වු ස්ටිව් ජොබ්ස් විසින් අඟල් 7 ක හෝ 8 ක ප්‍රමාණයේ ටැබ්ලට්යක් නිර්මාණය සඳහා අනුමැතිය පල කර ඇති බව දක්වන විදයුත් ලිපියක් ඉදිරිපත් කිරීමේන් බිඳ වැටිනි.අන්තර්ජාලය තුළ මේ දින වල කතිකාවට ලක්ව තිබෙන Mini iPad එළි දැකීම වැඩි ඇතක නොවන බව මින් අනුමාන කල හැකිය.
iPhone නිර්මාණ සැල සුම සහ ස්පර්ශක මුහුණත සඳහා භාවිතා කරණ තක්ෂණය සොනි සමාගමෙන් සහ මිට්සුබිෂි විදුලි උපාංග සමාගමේ සංකල්ප පදනම් කරගෙන ගොඩ නඟා ඇති බවට දක්වන ප්‍රකශනද නඩු වාරය තු අවධානය දිනාගත් කරුණුය.
සැම්සුන් සමාගම තම් ප්‍රධාන තුරුප්පුව ලෙස  ඇපල් සමාගමට කලින් එහි නිෂ්පාදනයන්හි සැලසුම් සහ තාක්ෂණය ජපාන කර්මික සමාගම් එළි දක්වා තිබු දේවල්ම බව ඔප්පු කිරීමට විවිධ සාක්ෂි ඉදිරිපත් කරමින් ඇපල් අන්‍යතාවය ප්‍රශ්ණ කිරිමකට ලක් කරයි.මෑතක් වන තුරුම  තක්ෂණික ලෝකේ වැජඹුන ජපාන ඉලොක්ට්‍රොනික් සමාගම් අද වන විට ඇපල් සහ සැම්සුන් හමුවේ බිඳ වැටි සිටියද අද ඇපල් සමාගම ස්වකීය ප්‍රෞඩ නිර්මාණ ලෙස දක්වනේ පෙර දින ජපාන සමාගම් වෙළඳ පොළට ඉදිරිපත් කළ දෙවල්ම බවත් සැමුසන් සමාගම විශේෂයන් ඇපල් සමාගම තුලින් අනුකරණය කල කිසිවක් නැති බව සමුසන් සමාගමේ තර්කයයි.
නඩුව තුළ මේම සමාගම් දෙකේම වෙළඳ පොළ දත්ත මේ දක්වා රහසිගතව තබා ගත් දත්ත ආදිය එකින් එක එළි වෙන මේම තත්වය ස්ටිව් ජොබ්ස් ජිවතුන් අතර සිටියානම්  ඔහු අනුමත නොකරන තත්වයක් බවද නඩුව පිළිබඳ උන්නදුවන පිරිස් අතරින් ඇසෙන බව පුවත් පත් වාර්තා කර තිබුනි.වැඩි පිරිසකගේ අදහස මේම නඩුව ඇපල් සමාගම ජයග්‍රහනය කලද ITවෙළඳ පොළ තුළ නිෂ්පාදන වෙනස් වන වෙගවත් චක්‍රය දෙස බැලු විට,නඩුව තුළ විවාදයට ලක් වන නිෂ්පාදන වෙළඳ පොළට පැමිණිම වලක්වන නියෝග නිකුත් වුවද,අදාල නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම අඩු වී නව නිෂ්පාදන සඳහා නව තරගකාරිත්වයක් අඛණ්ඩව පවතිනු ඇති බවයි.
තවද වෙළඳ පොළ තුළ විප්ලව කාරී නව්‍ය නිපයුම් ඉදිරිපත් කරමින් වෙලඳපොළ තුළ  ප්‍රඹුඛව වැජඹුන ඇපල් සමාගමේ කිර්තීනාමයට නඩුව තුළ සැමුසන් සමාගම ගොඩ නගන ඇපල් සමාගමද ජපාන සාමගම් වල අනුකාරක මිස අළුත් යමක් කර නැති යන මතවාදය බෝහෝ පැති වලින් හානිකරය.ස්මාර්ට් දුරකථන සහ ටැබ්ලට් සඳහා පසුකාරීව ඇපල් සමාගම සමඟ තරඟයට එළඹුන සැමුසන් සමාගමට ලෝව පුරා විවිධ රට වල ඇසෙන්නට ගන්න සැමුසන් එදිරිව ඇපල් නඩුව වෙස් වළා ගත් ආශ්ර්වාදයක් බවට පත් විය හැකිය.ඒ ඇපල් සමාගමේ ශක්තිමත්ම තරඟකරු ලෙස අළුත් කිර්තීයක් සමගය.
ජපාන අර්ථික පුවත්පත(Nikkei) ඇසුරෙන්.


පින්තුර
http://ts4.mm.bing.net/images/thumbnail.aspx?q=4813439240306739&id=35aa06b129f053499b52602a467fa4ae
http://www.applegazette.com/wp-content/uploads/icar.jpg
http://9to5mac.files.wordpress.com/2012/07/screen-shot-2012-07-26-at-3-11-00-pm.png?w=657&h=497

3 comments:

  1. ස්ටීව් ජොබ්ස් ගෙන් පසු ඇපල් සමාගමේ අනාගතය අවිනිශ්චිතයි.. Samsung සමාගම ආසියාතික රටවල් සමඟ අති බැඳීම මේ සඳහා වැඩි දායකත්වයක් ලබා දෙයි.. Samsung S3, ඉදිරියේ පැමිණීමට නියමිත Apple S5 සමඟ තරඟයක්‌ තිබේදැයි යන්නත් ගැටලුවකි..

    ReplyDelete
  2. ස්ටීව් වැනි අයෙකු නැවත ඇපල් සමාගමට ඒවිද යන්න සැකයක්

    ReplyDelete
  3. අපූරු ලිපියක්!

    ReplyDelete