a

Wednesday, August 8, 2012

iPhone 5 රජ දැක්මට සුදානම්!!!


දැන් දැන් එන ආරංචි වල හැටියට අළුත් iPhoneඑකයි mini iPadඑකයි සැප්තැම්බර් මාසේ එළියට එන හැඩැයි.හැබැයි ඇපල් ගොයියො! ඔය එනවා කියන mini iPadඑක එහෙම google nexus 7 වාගේ නම් බබීත් සුන්, බබීගේ අම්මත් සුන් වගේ වෙන්න Tech විචාරකයෝ කට කැඩිච්ච කථා කියන එක ඔං දෙයියන් වහන්සෙටවත් නවත්වන්න බෑ.ඔය එනවයි කියන iPad පුංචා කොහොම වුනත් අළුත් අයිෆොන් එකනම් ඉතින් එ හැටි කරදරයක් නැතිව ගොඩ දාගනියි කියලා ඔය PCMAG.COMකාරයත් කියලා තිබුනේ.


හැබයි ඔන්ං මේ සැරේ තමයි ඇපල් ගොයියාගේ do or die ගේම තියෙන්නේ.හෙට අනිද්දාට බඩු එළියට ආවම මුලින් මුලින් ලැබෙන ප්‍රතිචාර එළ ද නැද්ද කියන එක මත තමයි ඉතින් ගැජට් වලට ලව් කරන එවුන්වයි,තව ඉතිං සල්ලි තියෙන දෙමාව්පියන්ගේ නාස්තිකාර පුත්තුන්වයි ඇපල් ස්ටෝර් ඉස්සරහ පෝළිම් ගස්සවන්නේ .
ගිය පාර ආපු iPhone 4s කොච්චර හොඳයි හොඳයි කියුවත් පොඩ්ඩක් විතර යල් පැන්න භාණ්ඩයක් විත්තිය ඉතිං දන්නෝ දනිති කියුවාලු. මේ සැරෙත් එහෙම වුනොත් අන්න ඇපල් කුණු වෙන්න අරන් ගඳ ගහනෝ කියලා බෙරිහන්දෙන අසමත්ජාතියෝ ඉන්න පුළුවන් විත්තිය ඇපල්ලා මතක තියා ගත්තොත් හොඳයි කිව්වා.
ඊයේ පෙරේදා නාකි ඇමරිකන් කාරයෙක් කියලා තිබුනා ඇපල්ලා ෆොන් හදන්නේ නමසීය පනස් ගණන් වල කාර් කොම්පැනිකාරයෝ කාර් හැදුව විදියට කියලා. පනස් ගනන් කියන්නේ හැම අවුරුද්දකම අළුත් අළුත් ඩිසයින් එකක කාර් එකක් මාර්කට් කරපු කාර් කොම්පැනි වල කරල පැහිලා තිබුන කාලේ.හැබයි ඉතින් කාර් ඩිසයිනුන් පහුගිය අවුරුද්දට වැඩිය 100% වෙනස්  අළුත් අළුත් එව්වා තමයි එළියට ආවේ, අර නාකි ඇමරිකන් කාරයම කියුවා අම්මපා ඒ කාලේ කාර්! එව්වා තමයි  කාර් කියන්නේ ගිය අවුරුදේ ආපු ඩිසයින් එක මොකක්ද කියලා හිතෙනවා මේ අවුරුද්දේ එක දැක්කම,අම්මපා කියන්න මං 56 හා හා පුරා කියලා ගත්ත Chevy එක ඊ ළඟ අවුරුද්දේ විකුනලා ඒ අවුරුද්දේ ආව අළුත් Chevy එකක් ගත්තනේ කියල.
iPhone නුත් පනස් ගනන් වල කාර් වාගෙම මේ අවුරුද්දේ ගත්ත එකා කොහොම හරි අළුත් එකක් ආවම ඉතිං අළුත් එකට මාරු වෙන්න තමයි ට්‍රයි කරන්නේ.අළුත් ෆොන් එක ආවම ගිය අවුරුද්දේ පරණ ෆොන් එක අතේ තියන් ඉන්න බෑ බෑ කියලා ඔය ඇමරිකාවේ එහෙම ඉන්න එවුන්ට හිතෙන්වාලු.ඇපල්ලාත් ඔය සීන් එක දන්න නිසා හැම අවුරුද්දේම දානවා අළුත් ෆොන් එකක් එළියට.හැබයි ඔය මර්කටින් තියරි එක ගැස්සීලා ගියොත් ඉතිං ඉවරෙටම ඉවර තමයි.ඒ අළුත් ෆොන් එක එළ කිරි වාගේ නැ කියලා ගන්න බලන් ඉන්න එවුන්ට හිතුන දවසට තමයි.අනිත් පැත්තට ඇපල්ලාත් බය නැති කාරණයක් තියෙන්වා ඒ තමයි ලොකේ ඉන්න හොඳම ඩිසයින් ටීම් එක ඉන්නේ ඇපල්ලාගේ බිත්ති හතර ඇතුලේ නිසා. කිරි ගහට ඇන්නා වගේ මොක හැදුවත් එළ කිරිම භාණඩයක් වෙන්න ඔනේ.මොකද ඔය හැම දෙයක්ම පිටිපස්සේ ඇමරිකන් IT දෙයියො ස්ටිව් ජොබ්ස් ඉන්න නිසා.කොටින්ම ඔය ඩිසයින් ටීම් එකත් ජොබ්ස් ‍තෝර ගත්ත කට්ටිය.සුදු පාට iphone එකක්  ජොබ්ස් කැමැති නුනත් විකුණන්න පුළුවන් විත්තිය ඔය ටීම් එක පෙන්නලා දීලා තියෙන නිසා ජොබ්ස් ගේ අදහස් ද  ටීම් එකේ අදහස් ද වැඩියෙන් මාර්කට් කරන්න පුළුවන් කියලා එක සැරෙට කියන්න අමාරු වුනත් ජොබ්ස් දැන් නැහැ කියලා ඇපල්ලාට අළුත් දෙයක් හදා ගන්න බැරිවේයි කියලා නම් කියන්න අමාරුයි.දැන් ඇපල්ලාගේ නිෂ්පාදනයක අන්තිම OK එක දෙන්නේ කවුද කියලා නම් ප්‍රශණයක් තියෙනවා. ඒ කෙනා කුක්C.E.Oද නැත්නම් කමි‍ටුවද එහෙමත් නැත්නම් ජොබ්ස්ගේ වැන්දඹුවද?

ඔං අන්තිමට එකක් කියන්න පුළුවන් කලින් ආපු එ හැටි අළුත් ගතියක් තිබුනේ නැති iPhone 4s එකට වැඩිය අවධානයක් අළුත් අයිෆොන් එකට ලැබෙනවා කියන එක. වැරදිලවත් ගිය අවුරුදේ වාගෙ වුනොත් ඉතිං අයිෆොන් එක විතරක් නෙමයි ඇපල් සමාගමත් එක්ක පත්තරකාරයෝ පට්ට ගහයි ලෝස් නැතිව.නෙට් එකේ එහෙම මෙහෙම හෙඩ්ලයින් යන්න ඉඩ තියෙනවා "අළුත් අයි ෆොනය එයි කලින් වාගේමයි මුකුත් අළුත්වා නෑ!""හැමදාම එක වාගෙ""ඇපල් අළුත් අයිෆොනයේ එළි දැක්ම නිදිමතයි~~~!"
ඇපල්ලා අළුත් යමක් කොලොත් ඉතිං " නැවැතත් ඇපල් මොබයිල් ඉතිහාසය වෙනස් කරයි!""ඉන්ද්‍රජාල ඇපල්!" වාගේ එව්වා හෙඩ්ලයින් වල යයි. මොක වෙන්නත් ඉතිං තව ටික දවසයිනේ බලමුකෝ.

PCMAG.COM වලින් ගෙඩි පිටින් උස්සා කපා කොට සකසන ලදී.
පින්තුරhttp://www.teach-me.biz/iphone/images/news/120804.jpg  උස්සන ලදී.

4 comments:

  1. එයාල අවශ්‍යතා හදල එයාලයි බඩුව අපිට ගන්න කියනවා... හහ් හහ් හා....

    ReplyDelete
  2. Apple phone pissanta hodi.miner car akak oita hoda.

    ReplyDelete
  3. Jobs නැතුව මොන Apple ද.. :(

    ReplyDelete