දැන් දැන් එන ආරංචි වල හැටියට අළුත් iPhoneඑකයි mini iPadඑකයි සැප්තැම්බර්
මාසේ එළියට එන හැඩැයි.හැබැයි ඇපල් ගොයියො! ඔය එනවා කියන mini iPadඑක එහෙම google
nexus 7 වාගේ නම් බබීත්
සුන්, බබීගේ අම්මත් සුන් වගේ
වෙන්න Tech විචාරකයෝ කට කැඩිච්ච
කථා කියන එක ඔං දෙයියන් වහන්සෙටවත් නවත්වන්න බෑ.ඔය එනවයි කියන iPad පුංචා කොහොම වුනත් අළුත් අයිෆොන් එකනම් ඉතින්
එ හැටි කරදරයක් නැතිව ගොඩ දාගනියි කියලා ඔය PCMAG.COMකාරයත් කියලා තිබුනේ.
Wednesday, August 8, 2012
IOCයට සුද්දාගේ ඉංගිරිසීයට වැඩිය ගෝල් කාරයිනේ ප්‍රංශ ෂොක්ලු....
ජාත්‍යයන්තර ඕලිම්පික් කමිටුවේ(IOC-International Olympic
Committee) නිල භාෂාවන් විදියට සලකන්නේ
ඉංගිරිසි සහ ප්‍රංශ භාෂාවන්.හැබැයි වැඩි තැන ප්‍රංස වලටලු. ඒ කියන්නේ ව්‍යවස්ථාමය ප්‍රශ්ණයක්
මතු වුනොත් එහෙම ප්‍රමුඛ ලියවිල්ල විදියහට සලකන්නේ ප්‍රංශ වලින් ලියවුනු ව්‍යවස්ථාවලු.ඔන්න
IOC නඩු දාන්න එහෙම ඕනේනම් ඒගොල්ලො හරියට ජොබ් එක කරන් නැහැ කියලා උසාවියට
අරන් යන්න ඔනේ ප්‍රංශ බසින් ලියවුනු ව්‍යවස්ථාව තමයි. තව ඉතින් ඔලිම්පික් සමාරම්භක/අවසාන
උලෙළවල් වල මුල්ම එනවුන්ස් එක දෙන්නෙත් ප්‍රංශ වලින්.IOCව්‍යවස්ථාවේත්
කමිටු සමාජිකයින් ප්‍රංස හරි ඉංගිරිසි හරි කථා කරන්න පුළුවන් වීම අවධාරණය කරල තියෙනවාලු.
Monday, June 11, 2012
ඇපල් WWDC 2012 සඳහා සියල්ල සුදානම්.......
ඇපල් සමාගම විසින් වර්ෂිකව පවත්වනු ලබන නව මෙහෙයුම්
පද්ධති සහ උපාංගයන් පිළිබඳව තක්ෂණික තොරතුරු
ආදිය ඇපල් සංවර්ධකයින් සඳහා එළිදක්වන WWDC: ලොක ව්‍යප්ත සංවර්ධකයින්ගේ සමුළුව )සමුළුව 11 වන දින සිට(ඇමරිකානු
වේලාවේන්) ඇරඹිමට නියමිතය.මෙවර සමුළුව සැන් ෆැන්සිකෝ නුවර Moscone West Convention Centerහි පවත්වනු ලබයි.
සමුළුව 15 වැනිදා දක්වා පවත්වනු
ලබයි.
Wednesday, May 16, 2012
ඇපල් යන්නෙත් සොනි ගිය පාරේමද?...........
ඇපල් සමාගම ගැන ඇමරිකානු Forrester සමික්ෂණ සමාගමේ ප්රධාන විධයක ජොර්ජ් ක්ලොනි මහතා සිය බ්ලොග් අඩවියේ පළ කල "ඇපල් = සොනි "ලිපිය මෑත තාක්ෂණ ක්ෂේත්රයේ වඩාත් කතා බහට ලක් විය.මේහිදී ඒ මහතා , ස්ටීව් ජොබ්ස් නැති ඇපල් සමාගම තව වසර 2කත් 4 ක් ඇතුළුව කඩා වෑටෙන බවට අනාවැකි පළ කරයි.ක්ලොනි මහතා ස්ටීව් ජොබ්ස්ගේ මරණයත් සමගම ඇපල් සමාගමට අහිමිව ගිය සාධක 3 ක් පිළිබඳව අදහස් දක්වයි.
Saturday, April 28, 2012
iPadය පරදවන ටැබ්ලටයක් Google නාමයෙන් ළගඳීම...!
"ගුගුල් සමාගම සිය වෙළඳ නාමය යටතේ ටැබ්ලට් පරිගණකයක්වෙළඳ පොළට නිකුත් කරන්න සැරසෙයි.තාක්ෂණික ක්ෂත්රයේ පැතිරි යන දුෂමාන ආරංචී වලට අනුව නව ටැබ්ලටය අඟල් 7ක ප්රමානයකි.9.7"වන ඇපල් අයි පැඩයට වඩා කුඩා වු තනි අතෙන් වුවදක්රියා කරවිය හැකි ඇමසන් සමාගමේ "කින්ඩල් ෆයර්"හා සමාන බව පැවසේ.මේහි දෘඩාංග නිපදවනු ලබන්නේ තයිවාන් ASUSCOMPUTERSවිසිනි.මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්රොරොයිඩ් මත!Wi-Fi සඳහා පමණක් සහයෝගය දක්වන,අධි බල quad-coreNVIDIA Tegra 3 ප්රොසසරයකින්දසමන්විත, මුලදී ඇමරිකානු ඩොලර් 249 පමණ මිලකට විකිණිමට සැලසුම් කලත්,තව දුරටත් මිලඩොලර් 199 දක්වා අඩු කිරිමටකටයුතු සිදුවෙමින් පවතන බව කියවේ."
Wednesday, April 18, 2012
Google Glasses ;ඇස් දෙකට කණ්නාඩි කුට්ටමක් සමග ඔළුවට අං තට්‍ටුවක්?
තැන නොතැන නැතිව Mailයවන්න ෆොටෝ ගන්න පහසුකම තියෙන ඇස් කණ්නාඩි කුට්ටමක්සංවර්ධනය කිරිමේ ව්යාපෘතියක ගුගූල් නිරත වේයි.අවිවාදයෙන්ම අළුත්යුගයකට මුල පුරන සංකල්පයක්!! හබැයි පාවිච්චීකරන්නා පරිස්සම් නුනොත් ඇබැද්දීත් ගොඩයි!!
දැන් ගුගුලුත් අනාගතේ වෙනස් කරන්න මුල පුරලාලු.හැබැයිඔය වෙනස් කරන්න හදන්නේ හොඳ අතටද?දැන් මාසෙකට හමාරකටකලින් ගුගූල් සමාගම තමන්ගේ නවතම "Project Glass"ව්යාපෘතිය එළි දැක්කා.මේගැජට්ටුවේ විස්තරාත්මක යාන්ත්රනය ප්රසිද්ධියට පත් නොකලත්,ගුගූල්ලා කියනවිදියට මේ අළුත් කණ්නාඩි කුට්ටම ඊමේල් යවන්න,බලන්න,යාළුවන්ට කථා කරන්නකැලැන්ඩරේ චෙක් කරන්න වාගේ ගුගුල් සමාගම සපයන සේවාවන් භුක්ති විදින්න පුළුවන වෙන විදියටතමයි හදලා තියෙන්නේ.පාරේ ඇවිදින ගමන් ඊ මේල් බලන්න වාගේම සමාජ ජාල වල ඉන්න මිතුරන්සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්නත් පුළුවන් කම ලැබෙනවා.නිකං හරියට අනාගත ලෝකේ ගැන ලියවුනුවිද්ය ප්රබන්ධයක් ඇත්ත වුනා වගේ.හැබැයි මෙතෙනදී මතු වන ප්රශ්නේ තමයි ඔය කණ්නාඩිකුට්ටම මාර්කට් එකට ආවම කොයි වාගේ පිළිගැනීමක් ලැබෙයිද කියලා...
Tuesday, April 10, 2012
නොකියා,දැළි පිහියෙන් කිරි කයි?
පින්ලන්ත නොකියා සමාගම පසුගිය 8 වැනිදා නව Lumia 900 ස්මාර්ට් දුරකථනය
වෙළඳ පොළට නිකුත් කිරීමත් සමග නැවතත් ඇමරිකානු සෙලියුර් වෙළඳපොළ තුළ සක්‍රීය විම ඇරඹුනි.ඒ
නමුදු වර්තමානයේ ඇමරිකානු ඇපල් සමාගම සහ කොරියානු සැම්සන් සමාගම වෙළඳ පොළ තුළ හිමි
කරගෙන තිබෙන අධිපත්‍යය සලකා බැලු විට,නොකියා සමාගමට
දැවැන්ත තරඟකාරිත්වයකට මුහුණ දීමට සිදු වේතැයි උපකල්පනය වේ.
Sunday, April 8, 2012
හම්බන්තොටට බැරි දේ ටෝකියොවටත් බැරිය........!
ජපනා හපනාය, ඒ ඉස්සර ජපන්නුය.දැන්හපන්නු චීනුන්ය.ජපනා හපනා කාලේ, චීන්නු කොණ්ඩේබැන්දේය.දැන්නම් චීන්නු කොණ්ඩේ බඳින විත්තියක් අහන්න නැතිය.දැන් දැන් අහන්නේ ලැබෙන්නේචීන්නු සමහරක්ව තමගේ කරත්තයට බන්ඳගන්න විත්තියය.ඒ තෑගී ක්රමයට ණය දීලාය.ඔව්වා ගැනවැඩිය කියවන්න බැරිය. රෑට හීනෙන් සුදු පාට වෑන් පෙන්න ගන්න පුළුවන්ය.චීනා ගැන නැතිවජපනාට අම්මා මුත්තා ගැන කියලා බැන්නත් බය වෙන්න දෙයක් නැත්තේය. මෙහේ සුදු පාට වෑන්හිඟය.හදපුවා ඔක්කොම වෙන රටක හදිසි ඔඩරයකට යවලාය.
Subscribe to:
Posts (Atom)






